යහපාලන ආණ්ඩුව මගින් මේ ක්‍රියාත්මක කරන සමාජ, ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන දැක්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආර්ථික සමාජ හා දේශපාලන දැක්ම නොව එය එජාපයේ දැක්ම බව ගාල්ල දිස්ත්‍රික් සන්ධානයේ මන්ත්‍රි දොස්තර රමේෂ් පතිරණ මහතා පවසයි.
සිය නිවසේ පැවති පක්ෂ ක්‍රියාකාරින්ගේ රැස්විමක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මේසේද කිවේය.
මේ ක්‍රියාත්මක වන්නේ එජාපය තමුන්ගේ ඉතිහාසය පුරාවටම රටේ රාජ්‍ය සම්පත් විකුණමින් මේ රටේ දුප්පත් ජනතාව පාගා දමමින් ගොවියාට වස බොන්න යුගයක් නිර්මානය කළ එජාපයේ ප්‍රතිපත්තියි. ඒ නිසා තමයි පොළොන්නරුවේ. අනුරාධපුරයේ ගොවියෝ තමන්ගේ වි වලට දෙනව කියු රුපියල් 50 නෙවෙයි 25ක්වත් නැතිව පාර බැහැලා තියෙන්නේ. නැවත වතාවක් වස බොන තත්වයට පත්වෙලා ඉන්නේ ඒ නිසා තමයි. අද තේ ගොවියන් දැඩි අසරණ තත්වයට පත්වෙලා. රබර් වලට රුපියල් 350ක් දෙනවා කිවා. අද රබර්වලට රුපියල් 100ක්වත් ලැබෙන්නේ නැහැ.
( රවීන්ද්‍ර ශ්‍රීලාල් )