යහපාලන ආණ්ඩුව තුළ දැනට උද්ගත වී තිබෙන අර්බුද අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කොයි මොහොතේ ගැලවේදැයි කිව නොහැකි බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති නීතීඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.
නියෝජ්‍ය ඇමතිවරයා, එසේ පැවසුවේ, මාතලේ - ධර්මපාල මාවතේ හංදියේදී පැවැති මාතලේ දිස්ත්‍රික් දිවි නැගුම මුල බැංකුවල ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය විවෘත්ත කිරීමේ උත්සවයේදීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන්නා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වාට දැනටමත් අර්බුද ඇතිවෙලා.
එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටිමින් විවිධ වැරදි ක්‍රියාවලට කොටුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවේ සිටින නිසා එක්සත් ජාතික පක්ෂයට වැරදි කරන්න බැහැ. මහ බැංකුවේ බැඳුම්කර වංචාව පවා පරීක්ෂණ පැවැත්වීමට කොමිසමක් පත්කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාවක් මතයි.
සමෘද්ධි දෙපාර්තමේන්තුව සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය නමින් වෙනස් කිරීමට හා එම බැංකුවල තිබෙන රුපියල් බිලියන 90ක් භාණ්ඩාගාරය වෙත ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඒකට විරුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ඕනෑ විදිහට වැඩ කරන්න දෙන්නේ නැහැ.
සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේදීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ව්‍යාපාරය තමන් සවිබල ගැන්වුවා. ඇමතිව සිටි එස්.බී. දිසානායක මහතා දැඩි කැපවීමකින් කටයුතු කළ නිසා ග්‍රාමීය ජනතාවගේ දුගී බව බොහෝ දුරට නැතුව ගියා"
මාතලේ - ඇම්.ඩබ්. සෝමරත්න