යහපාලන ආණ්ඩුව වර්තමානයේදී ඇවන්ට් ගාඩ් සිද්ධිය ඉදිරියට දමා ජනතාව මුළා කරමින් සිටින බවත් ජනතාවට සහන දෙනවා කියා බලයට පත්වුවත් ජනතාවගේ ජීවන බර වැඩිකරමින් සිටින බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. හුංගම ඇත්බටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අද යහපාලන ආණ්ඩුව වහපාලන ආණ්ඩුවක් වෙලා.ඇවන්ට්ගාඩ් සිදිධියක් මුල්කරගෙන ආණ්ඩුවේම අය දෙපිළකට බෙදිලා ගහගන්නවා.තිබුණට වඩා බඩු මිල තුන්ගුණයකින් වැඩි වෙලා.ජනවාරි 8 වැනිදයින් පස්සේ මීටර් 100කට කාපට් දමාගන්න බැරි වුණා මේ ආණ්ඩුව රට ආපස්සට ඇදදමමින් සිටිනවා.
අද වන විට රට තුළ බිහිසුණු අපරාධ හා මංකොල්ලකැම් වැඩි වෙලා. ආණ්ඩුව මේ වන විට උත්සාහ කරමින් තිබෙන්නේ බෙදුම්වාදීන්ට අහිමි වී ගිය ජයග්‍රහණ ටික නැවත ලබාදෙන්නයි.ඒ සඳහා අවශ්‍ය පිඹුරුපත් විපක්ෂ නායකවරයා විසින් සකස්කරමින් සිටිනවා”
සූරියවැව ණුවන්