රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට හලාවත මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබේ.
ඉකුත් 12 වැනිදා හලාවත අධිකරණය විසින් යශෝධ රංගේ බණඩාර මහතා අද (14දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ ඔහුට මෙසේ ඇප නියම කර තිබේ.