ඉදිරි යල කන්නය සඳහා පොහොර මිලදි ගැනීමට අප්‍රේල් මස මුල්සතිය තුළ ගොවින්ට මුදල් ලබාදී අවසන් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව එම මුදල් අප්‍රේල් 04 ට පෙර සියලුම බැංකු සඳහා නිකුත් කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනිල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මුදල් ලබාදිම සඳහා ඉඩම් හිමිකරුවන්ගෙන් අයැදුම්පත්වලට තොරතුරු ලබා ගැනිම 80% ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.