අනාගතයේදි යම් යම් සිදුවීම් සිදුවිය හැකි බවත් රටේ ස්වාධීනත්වයට ගැටලු ඇතිවෙන ආකාරයට යම් යම් අය තීන්දු ගනිමින් තිබෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
තංගල්ල උස්වැව ගුරුගොඩැල්ල පුරාණ විහාරයේදී ඊයේ (23දා) පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමින් ඔහු ඉහත අදහස් දැක්විය.
අද භික්ෂූන් වහන්සේලාගේ හිගයක් තියෙන යුගයක්. භික්ෂූන් වහන්සේලා නැතිව පනසල් වැසී තිබෙනවා. ඒ ගම්වලට අන්යාගමිකයින් ඇවිල්ලා බෞද්ධයින් ඒ අයගේ ආගම්වලට හරවා ගැනීමේ වැඩසටහන් යනවා. අපි ඒ අයට දොස් කියලා වැඩක් නෑ.
ආගමික නිදහස තිබෙනවා වගේම අපේ ආගම අපි රැකගත යුතු වෙනවා. ව්යවස්තාවෙත් ඒක තිබෙනවා. අණපනත් නිසා ඒක ඒ ආකාරයෙන්ම ඉටුවෙනවද කියලා ගැටලුවක් තිබෙනවා.
අනාගතයේදී යම් යම් සිදුවීම් විය හැකි බව කවුරුත් දන්නවා. රටේ ස්වාධීනත්වයට ගැටලු ඇති වෙන ආකාරයේ තින්දු ගැනිමට යම් යම් අය කටයුතු කරන අවස්ථාවක්. විදේශිකයන්ගේ බලපැම්වලට යට වෙලා මේ රට කඩන්න, නැති ප්රශ්න ඇති කරන්න, සිංහල - දෙමළ සුහදතාව බිදින්න කටයුත් කරන විටක භික්ෂූන් වහන්සේලා ඉදිරියට එන එක නවත්වන මේ පනත් තුළින් කටයුතු කරනවා