ආණ්ඩුවෙන් යනවද ඉන්නවද UNP දැඩි තීන්දුවක්
ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න පිළිබඳව දෙසැම්බරය වනවිට තීරණයක් ගැනීමට සිදුවන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.
යහපාලන රජය පිහිටුවීමට පෙරමුණ ගත් එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කර ගනිමින් යම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින් එසේ එය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් මෙවැනි තීන්දුවක් ගැනීමට සිදුවන බව ඔවුන් කියා තිබේ.
රවි කරුණානායක මහතාගේ සිද්ධියෙන් පසුව පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති බවත් එසේ නොකළහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට දැන්වූ බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශකර ඇත්තේ පහුගිය ආණ්ඩුවේ දූෂණ වංචාවලට නීතිය ක්‍රියාත්මක නොකර මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් පසුපස පැන්නීම නිසා බවද හෙතෙම කීය.
මේ නිසා ඔවුන්ගේ ඉල්ලීමත් එක්සත් ජාතික පක්ෂයේ මතයත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැන්වූ බව එම අමාත්‍යවරයා පැවසීය.
ගයාන් ගාල්ලගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
