දිවයිනේ ස්ථාන පහක සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් ඇත. මෙයින් සිව් දෙනෙක්ම යතුරුපැදිකරුවන් වන අතර එක් පුද්ගලයෙක් පදිකයෙක් වෙයි.
තිරුක්කෝවිල්, පිටිගල, මොරගොඩ, මැඳිරිගිරිය, ගිරාඳුරුකෝට්ටේ යන ප්රදේශයන්හි මෙම අනතුරු සිදුව තිබේ. මරණකරුවන් අතර අවුරුදු 17ක තරුණයෙක්ද වෙයි.