අධික ශබ්දයක් නැගෙන පරිදි යතුරුපැදියේ සයිලන්සරය වෙනස් කර වෙසක් දින රාත්රියේ ශබ්ද නගමින් පිළියන්දල නගරයේ ධාවන කළ තරුණයන් දෙදෙනෙකුට රුපියල් 50,000ක දඩයක් පැනවීමට කැස්බෑව මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ (02දා) නියම කළේය.
එම විත්තිකරුවන් දෙදෙනාට නියම කළ දඩ මුදලින් එක් අයෙකු රුපියල් 10,000 බැගින් ඊයේ දින ගෙවිය යුතු බවට නියෝග කළ විනිසුරුවරයා ඉතිරි දඩ මුදල් රුපියල් 10000 බැගින් වාරිකව ගෙවන ලෙසද නියම කර තිබේ.