දිවයිනේ ස්ථාන හතරකදී ඊයේ (26දා) සිදු වූ අනතුරුවලින් යතුරුපැදියන්හි ගමන්ගත් 6 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය කියයි. ඒ අතර අඹුසැමි යුවළක්ද වෙයි.
තංගල්ල
තංගල්ල - තිස්සමහාරාමය මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී තිස්සමහාරාමය දෙසට ධාවනයවූ ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ඊයේ (06දා) සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත.ජයලාල් චතුරංග (26), හර්ෂි මදුනිකා (26) යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගොකරැල්ල
දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ දරමිටිපොල ප්‍රදේශයේදී දඹුල්ල දෙසට ධාවනයවූ යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවක ගැටී ඊයේ (06දා) සිදු වූ අනතරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චතුරංග බන්නැහැක (26), චානක මදුෂංක (23) යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පහ
පෙතියගොඩ - ඇහැලගහහේන මාර්ගයේ ඇහැලගහහේන ප්‍රදේශයේදී නයිවල දෙසට ධාවනයවූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන්ද්‍රජිත් කාෂල්ය (23) නැමැති පුද්ගලයෙකු මෙසේ ජීවතක්ෂයට පත්ව තිබේ.
පුදුකුඩිඉරිප්පු
මුලතිවු - පරන්තන් කි.මි. 35 කණුව ප්‍රදේශයේදී පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනයවූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ පසුපස ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්සට පත්ව තිබේ. තිරුචෙල්වම් සන්සුසෙයි (55) වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.