2015 මැයි මාසය වන විට ලක්ෂ 29 කට ආසන්න යතුරුපැදි ප්රමාණයක් මහා මාර්ග වල ධාවනය වෙන බව පොලීසිය සඳහන් කරයි.
එය මාර්ගයන්හි ධාවනය වන සමස්ථ වාහන වලින් 53%ක ප්රමාණයක් බවද පොලීසිය පවසයි. මීට සමගාමීව යතුරුපැදි මගින් සිදුවන රියඅනතුරු ප්රමාණයද දිනෙන් දින ඉහළ යන බවත් පොලීසිය කියයි.
2014-01-01 වන දින සිට 2014 -04-30 දක්වා අනතුරු වලින් මියගොස් ඇති යතුරුපැදිකරුවන් හා පසු පැදිකරුවන් ගණන 254 ක් බවත් 2015 වසරේදී එම අගය 332ක් බවත් පොලීසිය කියයි.