යටිනුවර ප්‍රාදේශීය සභාවට සඳහා ප්‍රථම වතාවට සභික ධුරයක් සඳහා ඓතිහාසික පිලපිටිය ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය නිකවැරටියේ දියගම ධම්මරතන හිමි තේරී පත්ව ඇත.
ස්වාමීන් වහන්සේ නමක් ලෙස පළාත් පාලන මැතිවරණය සඳහා යටිනුවර අංක 23 පිලපිටිය කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු උන්වහන්සේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ ඡන්ද 1375 ක් ලබා දෙවැනි තැනට පත්වී සිටිති.
පූජ්‍ය නිකවැරටියේ ධම්මරතන හිමියන් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර, විදේශයන්හී ධර්ම දේශනා පවත්වමින් ආගම දහමට මහඟු සේවයක් කරන හිමිනමකි.
2018 පළාත් පාලන මැතිවරණය සඳහා හිමියන් ඉදිරිපත් වනවිට කිසිදු හිමිනමක් යටිනුවර ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් නොවී තිබීමත්, ප්‍රථම වතාවට මැතිවරණයට මුහුණදී ප්‍රථම වතාවට සභිකයෙක් ලෙස තේරී පත්වූ හිමියන් මන්ත්‍රීවරුන් සියලුම දෙනාගෙන් දෙවන තැනට ඡන්ද ගැනීමටද හැකි වීමද විශේෂත්වයකි.