අලුත්වැඩියා කටයුතු සඳහා දීර්ඝ කාලයක් වසා තැබුණු කැලණිය ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ අනුස්මරණ පාලම යළි සම්පූර්ණයෙන් විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.
මෙම පාලම ඉදිකිරීමට දින 60ක් ගත වුවද එය අලුත්වැඩියාවට දීර්ඝ කාලයක් ගතවීම පිළිබඳ සමාජයේ දැඩිකතාබහත් පැවතුණි.
අනිකුත් අලුත්වැඩියා කටයුතු රාත්රී 10.00 - අලුයම 4.00 අතර සිදුකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවද ඔහු කීය.
මෙවැනි පාලම් ශ්රී ලංකාවට නොගැළපෙන බවත්, මින් ඉදිරියට එවැනි පාලම් ශ්රීලංකාවට ආධාරයක් ලෙස ලැබුණදබාරනොගැනීමට මාර්ග සංවර්ධනය අධිකාරිය තීරණයක් ගෙන ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය.
මෙවැනි යකඩ පාලම් පහසුවෙන් සවිකළ හැකි වුවද ඉක්මනින් අලුත්වැඩියා කටයුතු සිදුකළ යුතුව ඇති බවත්, එය අසීරු කටයුත්තක් බැවින් එවැනි පාලම් ශ්රීලංකාවට නොගැළපෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.