රජය බදු සහන ලබාදී තිබියදීත් සහල් ගබඩා කරගෙන තැරැව්කරුවන් මෙන් ව්‍යාපාර සිදුකරන මෝල් හිමියන් වැටලිය යුතු බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
තමන් අදාළ විෂය භාර අමාත්‍යාවරයා නම්, මේ වනවිටත් එම කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
හෙතෙම මේ පව පැවසුවේ, අද (14දා) බත්තරමුල්ල වෝටර් ඒජ් හෝටලයේ පැවැති සම්මුළුවකට එක්වූ අවස්ථාවේ මාධ්‍ය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇතැමුන් තමන් කළ විපත් වසාගැනීමට රට තුළ බඩගින්නක් ඇතිකිරීමට කටයුතු යොදන බවත්, වත්මන් රජය රටේ කිසිම කෙනෙකු බඩගින්නේ නොතබව බවද හෙතෙම පවසා සිටියේය.
සහල් මිල පාලනයට වත්මන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, සතියක කාලයක් තුළ සහල් මිල පහළ යනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.