1996 වසරේදී මෙන් මේ වසරේදිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය ජයගත හැකිවේවායි තමන් සුබ පතන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දිය සංචාරය සඳහා සියල්ල සූදානම් බවට මතක් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (13දා) උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතනයෙන් කතා කොට තිබෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය නිල සංචාරය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල නව ප්‍රවේශයක් වනු ඇති බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. .
මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා සිය සුබපැතුම් එක්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දිය සංචාරය පෙබරවාරි මස 15 වන දින සිට 18 වනදා දක්වා සිදුවේ.
ජනපති මාධ්‍ය අංශය