ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉටි රූපයක් ලබන අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශනයට තබන බව බ්‍රිතාන්‍යයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාර බලධාරීහු පවසති.
මෙම විශේෂ ඉටි රූපය එළිදැක්වීමත් සමග ඕනෑම අයෙකුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කරට කර ඉඳිමින් ඡායාරූපයක් හෝ සෙල්ෆී එකක් ලබාගැනීමේ අවස්ථාව උදාවන බවද ඔවුන් කියයි.
එකී කෞතුකාගාරය පවසන්නේ, මෝදි අගමැතිවරයා මේ වනවිටත් සමාජජාල තුළ වඩාත් කැපීපෙනෙන ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ලෝක දේශපාලනයේ බලගතු චරිතයක් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බොහෝ කතාබහ ට්විටර් සමාජජාලය තුළ මේ වනවිටත් ඇතිවී තිබෙන අතර, ඔවුන් පවසන්නේ සෙල්ෆී හා ඡායාරූප සැසිවලට මෝදි අගමැතිවරයා දැඩි කැමැත්තක් දක්වන බවයි.
වරක් ෆේස්බුක් මූලස්ථානයට ගිය අගමැති මෝදි, ෆේස්බුක් නිර්මාතෘ මර්ක් සකර්බර්ග් ඡායාරූප හා වීඩියෝ පසුබිම අවහිර කරමින් සිට ගැනීමත් සමග ඔහුව අතින් අල්ලා පැත්තකට අදින දසුන ඉන්දීය සමාජජාල තුළ දැඩි හාස්‍යයකට බඳුන් වූ බවද එකී ට්විටර් පණිවුඩවල දැක්වෙයි.