ශ්‍රී ලංකාවේ 67වැනි නිදහස් දිනයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංහලින් සුබ පැතුම් පණිවුඩයක් යොමුකර තිබේ.
සිය ට්විටර් ගිණුමෙන් සිංහල පණිවුඩයක් යොමුකරන මෝදි පවසන්නේ ශ්‍රි ලංකාවේ නිදහස් දිනයට සුබ පතන බවත් ,ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සුබ පතන බවත්ය. එසෙම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට සූදානමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම පණිවුඩය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම යොමුකර තිබේ.