ඉන්දියාවේ නව අගමැති වශයෙන් පත්වීමට නියමිත භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබඳතාවයකට සූදානමින් පසුවෙයි.
ඔහු සිය ට්ටවිටර් ගිණුමෙන් සඳහන් කරන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකා අතර ශක්තිමත් සබඳතාවක් පිළිබඳව බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
ඉන්දීය අගමැති වශයෙන් පත්වීමට නියමිත නරේන්ද්‍ර මෝඩිට සිය ට්විටර් ගිණුමෙන් සුබ පැතුම් එක් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එයට පිළිතුරු ලබා දෙමින් මෝඩි සිය ට්විටර් ගිණුමෙන් මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.