ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් සහභාගි වීමට තමන් සමග ඉන්දියාව බලා යෑමට එන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට ඇරයුම් කර තිබේ.
එළැඹෙන මැයි 26 වැනි සඳුදා දිල්ලියේ රාශ්ට්‍රපති භවන්හි පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් ආරාධනා ලැබී තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඊයේ (22දා) දිනයේදි රාජතාන්ත්‍රික මට්ටමින් තහවුරු කළ අතර, අද (23දා) උදෑසන ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම හරහාද එය තහවුරු කර තිබුනේ, ‘ඔබේ දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් මා වෙත ආරාධනා කිරීම ගැන ස්තූතිවන්ත වන අතර, එහි පැමිණිමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා’ යනුවෙනි.