ඌව ප්‍රධාන ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඇමතිවරුන් තිදෙනෙකු ඇතුළත් අපහාසාත්මක පෝස්ටරයක් බදුල්ල නගරයේ ඊයේ (01 දා) අලවා තිබුණි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රධාන ඇමතිවරයා පැවසුවේ, මෙය මෝඩයාගේ දිනයේ කිසිවෙකු විසින් කරන ලද මෝඩ ක්‍රියාවක් බවයි.
"මෙච්චර කල් මම පෝස්ටර් ගැහුවෙ අතින් සල්ලි වියදම් කරලා. අද කවුරු හරි කෙනෙක් වියදම් කරලා පෝස්ටරයක් ගහලා තියෙනවා. කරපු කෙනාට පිං සිද්ධ වෙනවා. ඒක ලස්සන පෝස්ටරයක්. මොකද සාමාන්‍යයෙන් කට්ටිය වැඩිය පෝස්ටර් කියවන්නෙ නෑ. පෝස්ටරයේ තියෙන්නේ හිනාව විතරයි. කෙල්ලෝ එහෙම බලන්නෙ හිනාව දිහා විතරයි. ඒ නිසා පෝස්ටරයේ කියවෙන දේ වැඩක් නෑ. ලැජ්ජ නැතිකම මැතිඇමතිකම්වලටත් වඩා ලොකුයි. ඉතින් මේ හිනාවෙන්නෙ ඡන්දය දුන් අපටයි. යනුවෙන් එහි සඳහන්ව තියෙනවා. ඇත්තටම මේ මෝඩයන්ගේ දිනයේ මෝඩයන් කරපු වැඩක්.
මේ රටේ රජයේ නිලධාරීන්, පොලීසිය ඒ හැමෝම අහනවා මහ ඇමතිවරයාට විරුද්ධව මෙහෙම ගහලා තියෙනවා, මේක සම්බන්ධයෙන් මොකක්ද කරන්න ඕනි. මේවා ගලවන්නද කියලා. මම කිව්වා මේවා එකක්වත් ගලවන්න එපා. ඔක්කොම තියන්න. මොකද මගේ මූණ නේ තියෙන්නේ. මෙච්චර කල් සල්ලි දීලා ගහපු පෝස්ටරේ කවුරුහරි නිකම් ගහලා දුන්නා නම් පිං සිද්ධ වේවා.
ඒ නිසා අපිට වඩා මේක බලපවත්වන්න ඕනි මහින්ද රාජපක්ෂ මහත්තයට කඩේ ගිය අද ඇමතිකම් ගත්ත අයට. එතුමන්ලාට තමයි හරිනම් මේ පෝස්ටරය ගහන්න ඕනි. මේක ගහපු කෙනත් කවුද කියලා මම දන්නවා. අලවපු කට්ටියත් කවුද කියලා දන්නවා. මම ඉදිරි කාලයේදී එය හරියටම ඔබතුමන්ලාට පෙන්වන්නම්" යැයිද පැවසීය.