නව වැට් බදු සංශෝධනය යටතේ වුවද මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී කිසිදු මුදලක් වැඩිපුර අය නොකෙරෙන බව බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
මේ පිළිබඳව 'අද' කළ විමසුමකට පිළිතුරු දෙමින් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, වැඩි කළ වැට් බදු යටතේ වායු විමෝචන සහතිකය සඳහා යම් මුදල් ප්‍රමාණයක් වැඩි විය හැකි නමුත් මෝටර් රථ ලියාපදිංචියට වැට් ඉහළ යාම බලනොපානු ඇති බවයි.
නව වැට් බදු අනුපාතය ඊයේ (02දා) සිට ක්‍රියාත්මක වෙයි.