මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී රුපියල් මිලියන 11004.99ක අදායමක් ලබා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ 2016 කාර්යසාධන වාර්තාව අනාවරණය කරයි.
පසුගිය වසරේදී සුඛෝපභෝගී මෝටර් රථ බද්ද වශයෙන් රුපියල් මිලියන 1400.41ක්ද,මෝටර් වාහන විකිණීම මත බදු වශයෙන් රුපියල් මිලියන 64.54ක්ද,මෝටර් රථ ප්රවාහන පනත යටතේ අයකරනු ලබනගාස්තු වශයෙන් රුපියල් මිලියන 8847.50ක්ද,තීරුබදු සහන බලපත්ර යටතේ අයකරනු ලබන බද්ද වශයෙන් රුපියල් මිලියන 692.54ක්ද එම දෙපාර්තමේන්තුව විසින් ලබා තිබේ.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව 2015 වසරේදී රුපියල් මිලියන 13249.75ක් ආදායමක් ලබාතිබුණු බවද එම වාර්තාව සඳහන් කරයි.