මෝටර් රථ අනතුරින් ගුරුවරු සමුගනිති
- 30 01 2016
- 09:05
- {{hitsCtrl.values.hits}} views
- එප්පාවල- තිසර සමල්
එප්පාවල- කැකිරාව ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී අද (30දා) අලුයම සිදු වූ රිය අනතුරකින් එප්පාවල නල්ලමුදාව විද්‍යාලයේ ගුරුභවතුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ,තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.
අද (30දා) අලුයම 1.00 ට පමණ දෙමුහුන් වර්ගයේ මොටර් රථයක් ප්‍රධාන මාර්ගය අසල තිබූ නුග ගසක හැපී මෙම අනතුර සිදුව තිබිණි. මෙම අනතුරින් මොටර් රථය පැදවූ එප්පාවල නල්ලමුදාව විද්‍යාලයේ කේෂාන් ගුරුගේ (36) ගුරුවරයාත්, නල්ලමුදාව විද්‍යාලයේ මලිත් රත්නමලල (29) ගුරුවරයාත් ජීවිතක්ෂයට පත්ව ඇත. මෝටර් රථයේ ගමන් ගත් එප්පාවල නල්ලමුදාව විද්‍යාලයේ විදුහල්පතිවරයා හා තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.