2015 ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට අරලිය ගහ මැදුරේ සිදුවූවායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.
එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තාවෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විට අගවිනිසුරු මොහාන් පීරිස්, පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල, හිටපු විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් යන අයගෙන් ප්‍රශ්න කර තිබේ.