ගම්පහ රෝහල අසල මෝටර් රථයක් තුළ තිබියදී ඊයේ (02දා) ටී.56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
මොවුන් මට්ටක්කුලිය සමිත්පුර පදිංචි අසංක සම්පත් කුමාර හා උඩහමුල්ල පදිංචි තාරක උදයංග බවට පොලීසිය විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඔවුන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 071-8591611 හෝ ගම්පහ මූලස්ථාන පොලීසියේ 033-2222226 යන දුරකකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.