මොරටුව විශ්වවිද්‍යාලය පුළුල් කිරීම සඳහා විශ්වවිද්‍යාලය අසල අක්කර 12 ක හා අක්කර 02 ක ඉඩම් 02 ක් මිලදී ගැනීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව අලුතින් සිසුන් 400 ක් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමටත්, ඉදිකරමින් පවතින නේවාසිකාගාරය එළඹෙන ජනවාරියේදී සිසු අයිතියට පැවරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (19දා) දින මොරටුව විශ්වවිද්‍යාලයේ සිදු කළ නිරීක්ෂණ සංචාරයක් අතරතුරදීය.