පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිභවා යමින් මේ වනවිට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය පවසයි.
අක්කර අඩි එක්ලක්ෂ දසදහසක් වන පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටමට අභිභවා යමින් අක්කර අඩි එක්ලක්ෂ පහළොස් දහසක් තරම් ජල ප්‍රමාණයක් මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා පවසා සිටියේය.
මිලියන 6,000ක් වූ මුදල් ප්‍රමාණයක් මේ වනවිට වන්දි ලෙස ජනතාවට ලබාදී ඇති බවත්, නැවත වන්දිලාභීන් සඳහා සියයට පනහක වන්දි ප්‍රමාණයක්ද ලබාදීම ආරම්භ කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
නාවුල ඉන්දික අරුණ කුමාර