උතුරු මැද සහ උතුරේ ජනතාව වතුර ඉල්ලා හැඬූ කඳුළු කතාව නිමාකිරීමට මොරගහකන්ද ජල ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මොරගහකන්ද කළුගඟ සංවර්ධනය ව්‍යාපෘතියේ අද (26දා) පස්වරුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අනතුරුව මාධ්‍යට අදහස දක්වමින් මේ බව පැවසීය.
ජනතා අපේක්ෂාවක් වූ මොරගහකන්ද ව්‍යාපෘතියට මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස මුලගල් තබා පැය 48 ක් නික්ම යෑමට මත්තෙන් තමන්ට එම අමාත්‍යාංශය අහිමි කර වෙනත් අයෙකුට පවරාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පසුගිය රජය උත්සාහ දැරූ බවත්, එම අමාත්‍යාංශය නැවත ලබාගත් නමුත් වසර 5 ක් යන තුරු ව්‍යාපෘතියේ සංවර්ධනය කටයුතු සඳහා මුදල් ලබානොදුන් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රජරට ජනතාවට සිදුකළ මෙම අසාධාරණය නිවැරදි කරමින් මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සඳහා මෙන්ම ගොවි ජනතාවගේ කෘෂිකර්මික අවශ්‍යතා සඳහා ලබාදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.