මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ගල් කොරියක සිදුවූ අනතුරක් හේතුවෙන් මරණයට පත් සේවකයන් දෙදෙනාගේ පවුල්වල යැපෙන්නන්ට රුපියල් ලක්ෂ පහළොව බැගින් වන්දි ලබාදීමට ව්‍යාපෘතිය භාර චීන සමාගම සහතිකවී ඇති බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මියටඋපදෙස් ලබාදෙනු ලැබිණි.
ඒ අනුව ඒ මහත්මිය විසින් අද (28 දා) එම වාර්තාව අමාත්‍යවරයාට ලබාදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී එම අමාත්‍යාංශය මේ බව සඳහන් කරන ලදී.