මොනරාගල ඇතිමලේ ප්‍රදේශයට අද අලුයම සුළු භූ චලනයක් සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
රිච්ටර් මාපාංකයේ 2.1 ක් ලෙස සටහන් වූ මෙම භූ චලනය නිසා කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත්, එහෙත් මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වන බවත් එම මධ්‍යස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේය.