කුමන දේශපාලන පක්ෂයක සළුපිළි පැලඳුවද චෞරයා චෞරයාම බවත්, ප්රකාශිතව හෝ අප්රකාශිතව චෞරයන් ආරක්ෂා කිරීමද නොකළ යුතු බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
නැවත ප්‍රතිසංවිධානය කරන ලද මාතර සමුපකාර ආරෝග්‍ය ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අපි පුරුදුවෙලා තියෙන්නෙ සෑම දෙයක් පිළිබඳවම නිෂේධනාත්මකව බලන්නයි. මාධ්‍යයත්, දේශපාලඥයනුත් එහෙමයි. අපේ රටේ මාධ්‍ය භාවිතය තුළ ගිනි තැබීම ප්‍රවෘත්තියක් වුණාට, ගිනි නිවීම ප්‍රවෘත්තියක් වෙන්නේ නෑ* යැයි ඒ මහතා මෙහිදී සඳහන් කළේය.