ලංකාවේ සුළු පිරිසක් අන්තවාදීන් සිටින අතර, ඔවුන් මුස්ලිම් වුනත්, ද්‍රවිඩ වුනත්, සිංහල වුනත් අන්තවාදීන්, අන්තවාදීන්ම බව හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය යූ.එල්.එම්. පාරුක් මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා විසින් උපවාසයේ යෙදුණු මුස්ලිම් ජනතාව වෙනුවෙන් යටියන්තොට තම නිවසේදී පවත්වන ලැබූ ඉප්තාර් උත්සවයට සහභාගිවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ඉතාමත්ම කුඩා රටක් වන මුස්ලම් ජනතාව අඩුවෙන් ජීවත්වන රටක් වන ශ්‍රී ලංකා තුළ මුස්ලිම් ජනතාව ඉතාමත් සාධාරණව ඉතාමත් අවංකව ඉතාමත් නිහතමානීව ජීවත්වන බව වැඩි දෙනෙක් දන්නා බවයි. අද ඒ විදිහට ජීවත් වුනත් හැම රටකම අන්තවාදීන් පිරිසක් ඉන්නවා. ලංකාවේ අන්තවාදීන් සුළු පිරිසක් ඉන්නවා. මොනව කළත් ශ්‍රී ලංකාදීපයේ සිංහල ජනතාව මුස්ලිම් ජනතාව කෙරෙහි තබා ඇති විශ්වාසය කවදාවත් බිඳින්න බෑ කවදාවත් පලුදුවෙන්නේ නෑ. අන්තවාදීන් යම් යම් කූට උපක්‍රමවලින් රජයට රිදවන්න හැදුවට රිදවන්න බෑ. ජනාධිපති, අගමැති අනෙකුත් දේශපාලන පක්ෂ ඒව අනුමත කරන්නේ නෑ. අන්තවාදීන් පමණයි මේ පසුපස හඹායන්නේ” යැයි පවසා සිටියේය.
යටියන්තොට - සමන් එස්.රත්නායක