මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැසිකිළි පහසුකම් නොමැති බව මුදල් අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. ඒ අමාත්‍යවරයා අද (18දා) මොනරාගල දිස්ත්‍රික්කයේ කළ සංචාරකයදීය.
මොනරාගල දිස්ත්‍රික් ජනතාවගේ වැසිකිළි ගැටලුව මාස 2කින් විසඳීම සඳහා රුපියල් මිලියන 500ක් ලබාදීමටත් අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.
යුද්ධයට එක්වූ ත්‍රිවිධ හමුදාව ඉදිරියේදී සංවර්ධන සංග්‍රාමයට එක්වෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉදිරියේදී මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීමට නියමිත ගම්පෙරළිය වැඩසටහනට පෙරාතුව අමාත්‍යවරයා මෙසේ එම දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්විය.