යාපනයේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් අද (24දා) නවතා පරීක්ෂා කර එහි තිබූ ගංජා පාර්සල් 10ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්වැටිතුරේ හා නෙල්ලිඅඩි ප්රදේශවල පදිංචි 25 සහ 37 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් ගංජා තොගයේ බර කිලෝ 22ක් වන බව පොලීසිය පැවසීය.
සැකකරුවන් අද (24දා) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.