ආණ්ඩුවේ සන්දර්භය වෙනස් වී ඇති හෙයින් ජනතාවට සේවය කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කළ ආරාධනාව බාර ගත් බව නව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
සිය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව අද (02දා) මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩ බාර ගන්නා අවස්ථාවේදී අමාත්‍යාංශ පරිශ්‍රය වෙතට පොලිස් ආරක්ෂාව තර කරමින් පොලීසියද කැඳවා තිබුණි. සරසවි සිසුන්ගේ විරෝධතාවක් ඇතිවිය හැකි බවට වූ උපකල්පනයක් අනුව එසේ සිදුකර තිබුණි.
මෙහිදී දැක්වෙන්නේ ඒ මහතා එහිදී දැක් වූ අදහස්ය.
“අගමැතිතුමන් මගේ සේවය අවශ්‍ය බවට කළ ආරාධනාව ගෞරවයෙන් බාර ගත්තා. ආණ්ඩුවේ සංදර්භය වෙනස් වෙලා තියෙනවා. මේ වන විට ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ ඉතා සුළු පිරිසක් අමාත්‍යවරු ලෙස කටයුතු කරමින් සිටිනවා. සම්පූර්ණ අමාත්‍ය මණ්ඩල සන්දර්භයේ වෙනස තුළ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ඉල්ලීම හා අප දේශපාලඥයන් වශයෙන් ජනතාවට සේවය කළ හැකි ඕනෑම අවස්ථාවක එය ඉටුකළ යුතු නිසා මම ඒ ඉල්ලීම භාර ගත්තා”.
ඔබතුමා වරක් ප්‍රකාශ කළා මේ වගේ කැබිනට් මණ්ඩලයක ඉන්න ලැජ්ජාවට පත්වෙනවා කියලා?
ඔව් ඉතින් එහෙම දේවල් වෙනවා. ඔබට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට කිව්වා මට තියෙන ලොකුම ලැජ්ජාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිකෙනෙක් වීම කියලා.
දේශපාලන වාතාවරණ තුළ අපි විවේචනය කරනවා. ඒකට තමයි ප්රජාතන්ත්රවාදය කියලා කියන්නේ. ඒ අයිතිය තමයි මාධ්‍ය හරහා දෙපැත්තමට තුන් පැත්තටම හරහවලා දාන්නේ.