ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කරවීම සඳහා අලුත් පරපුර සංවිධානය විසින් හිරියාල කුඹුක්ගැටේ ප්ර‘දේශයේ පැවැත්වූ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට මැර ප්රහාරයක් එල්ල කිරීමට නායකත්වය ලබාදුන් වයඹ පළාත් සභා මන්ත්රී කමල් ඉන්දික නමැත්තාට ද ආසන සංවිධායක තනතුරක් ලබාදී තිබෙන බව කලාකරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කරවීම සඳහා අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් සහ සිවිල් සමාජ ක්රියාකාරීන් විසින් 2014 වසරේ දෙසැම්බර් 29 වැනිදා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවද මෙම පිරිස් පෙන්වා දෙති.
එම අවස්ථාවේදී වයඹ පළාත් සභා මන්ත්රී කමල් ඉන්දික නමැත්තා නායකත්වය ලබාදුන් කණ්ඩායමක් මැර ප්රහාරයක් එල්ල කළ බවත්, එහිදී කිහිප දෙනෙකුට තුවාල සිදුවූ බවත් ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අධිකරණ ක්රියාමාර්ග ගෙන තිබෙන බවත්, අදාළ අධිකරණ ක්රියාමාර්ග මෙතෙක් අවසන්වී නොමැති බවත් එම පිරිස් පෙන්වා දෙති.
මේ ආකාරයට චෝදනාවක් එල්ලවී තිබෙන පළාත් සභා මන්ත්රීවරයාට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හිරියාල ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තනතුර ලබාදී තිබෙන බවද කලාකරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ කියා සිටිති.