මෛත්රී හා රනිල් මට නොමිලයේම ප්රචාරණය දෙනවා
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් තමන්ට නොමිලයේම ප්රචාරණය ලබාදෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
දඹුල්ලේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම සිරිකොත් එජාප මූලස්ථානයට ගොස් නිදහස් පක්ෂ ප්රතිපත්ති පාවාදුන් එකම නායකයා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා බවත් ඔහු මෙහිදී පැවැසීය.
“මේ සෙනඟ දැක්කාම අපේ නායකතුමාලා හෙට ඉදන් මට බනින්න ගන්නවා. මම ස්තූතිවන්ත වෙනවා රනිල් වික්රමසිංහ මහතාටයි, මෛත්රීපාල සිරිසේන ජනපතිතුමාටයි මොකද මට නිකන් දෙනවා පබ්ලිසිටි.
බැනලා බැනලා සෙනඟ එන එක වළක්වන්න පුළුවන්කමක් නෑ. අද ආණ්ඩුවට කවුරුත් බනින්න ඕන නෑ. එක ඇමතිවරයෙක් කියනවා පාණ්ඩු ආණ්ඩුවක්. කැබිනට් ඇමතිවරයෙක් කියනවා කාලකන්නි ආණ්ඩුවක්. තව ඇමතිවරයෙක් කියනවා මට මේ ආණ්ඩුවේ ඉන්න එක ලැජ්ජයි කියලා.
ඇයි දෙයියන්නේ මේ කාලකන්නි , පාණ්ඩු හා ගෙබි ආණ්ඩුවේ ඉන්නේ. පළමුවතාවට අපේ පක්ෂයේ සභාපතිවරයෙක් සිරිකොත ඉදිරියට ගිහිල්ලා අපේ ප්රතිපත්ති පාවාදුන්නු එකම නායකයා එකම සභාපති මෛත්රීපාල සිරිසේන මහත්තයා වෙන කවුරුවත් නෑ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


