සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.
අද උදෑසන ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජී මහතා විසින් පවත්වනු ලබන පිළිගැනීමේ උත්සවයෙන් පසුව දහවල් ජනපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතය.
දිවා ආහාරය හා ද්විපාර්ශ්වීය සාකච්ඡා මෙහිදී පැවැත්වෙන අතර පසුව ගිවිසිම් කිහිපයකටත් අත්සන් කිරීමට නියමිතය.
එසේම ඉදිරියට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැසිවාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.