ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ප්‍රථම නිල හමුව ලබන 16 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ඨපති භවන්හිදී පැවැත්වීමට නියමිතය. මෙකී හමුව මිනිත්තු 45 ක් පැවැත්වේ. ජනාධිපතිවරයාගේ ප්‍රථම විදෙස් නිල සංචාරය සඳහා ජනපති ප්රමුඛ කණ්ඩායම ලබන 15 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යනුඇත. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, විදුලිබල හා බලශක්ති ආමාත්‍ය පාඨලී චම්පික රණවක, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරු සහභාගී වෙති.
එහිදී ඉන්දීය ජනපති ප්රනාබ් මුකර්ජී මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.