ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය පොළොන්නරුව, කදුරුවෙල රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේදී අද (02දා) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. පෙරවරු කාලයේදී ආගමික වතාවත්වල යෙදීමෙන් පසු සවස 2.00 ට සංවත්සර උත්සවය ආරම්භ කරන බවත්, ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
'දිරියෙන් ඉදිරියට' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයේ මූලිකත්වය ගනු ලැබුවේ පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා බවද ඩිලාන් පෙරේරා මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවයක් පොළොන්නරුවේදී පැවැත්වෙන්නේ ප්‍රථම වරට බවද හෙතෙම සඳහන් කළේය. පක්ෂයේ ඉදිරි ගමන්මග සම්බන්ධව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාක්ෂිකයන් දැනුවත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන සියලු දෙනාට මේ සඳහා සහභාගී වන්නැයි ආරාධනා කර ඇතැයිද ඔහු කීය.