ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (23දා) විජේරාමයේ පිහිටි ජනාධිපති නිල නිවසේදී සිදුවිය. ඉතාම සුහදශීලී ලෙස පැවැති මෙම හමුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව සාකච්ඡා වූ බව වාර්තා වේ.
එහිදී ඉදිරිය පිළිබඳව මෛත්රීපාල සිරිසේන ජනපතිවරයා හිටපු ජනපතිගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ජනාධිපතිතුමන් පක්ෂයේ සභාපතිවරයා වන හෙයින් තම දේශපාලන අනාගතය පිළිබඳව තීන්දු ගැනීම ජනාධිපතිවරයාටම බාර වන බවයි.
එහිදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති අතර පැය එකහමාරකට වඩා වැඩි කාලයක් පැවැති මෙය සුහද සාකච්ඡාවක් ලෙස අවසන් වී තිබේ.