ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර මූලික සාකච්ඡාවක් සිදුවූ වහාම එක්සත් ජාතික පක්ෂය බිය වී කෑගැසීමට පටන්ගෙන ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සමග බවත් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
“ජනාධිපතිතුමාට යහපාලනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුණත් එක්සත් ජාතික පක්ෂය යහපාලනය, ජාතික ආණ්ඩුව කියන වචන දෙකේ අර්ථයවත් තේරුම්ගන්නා අකාරයටද කටයුතු කරන්නේ කියන දේ පිළිබඳව මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය දින සියය ඇතුළත කිසිම සංවර්ධන කටයුත්තක් සඳහා මේ රජයෙන් මුදල් ලබාදුන්නේ නැහැ. ඔවුන් ජාතික එකඟතාව පැත්තකින් තබා අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදන වැඩපිළිවෙළක් ගමේ ක්‍රියාත්මක කරනවා. ජනතාව අපට ඇඟිල්ල දිගුකරද්දී, අපේ රජයේ වැඩපිළිවෙළට උදවු කරන්න සූදානම්වෙද්දී ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න උත්සාහ කරනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැක්කේ එතුමා සමග පෙළගැසී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වීම තුළයි.
මෛත්‍රීපාල මහත්තයයි, මහින්ද මහත්තයයි මූලික සාකච්ඡාවකට එකඟවනවිටම සියලු දෙනා බයවෙලා එ.ජා.ප.ය බෙරිහන් දෙන්න පටන්ගෙන තියෙනවා* යැයිදඒ මහතා පැවසීය.
ඊයේ (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.