වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකම තැනකදී මුණගැසී ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ටී.බී. ඒකනායක මහතා පැවසීය.
ඒ සඳහා පොදු ස්ථානයක් සූදානම් කරගෙන යන බවත්, මෙම කාර්යය සඳහා සන්ධානයේ මන්ත්රීවරුන් 07 දෙනෙකු මූලිකත්වය ගෙන තිබෙන බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
මේ සඳහා ආරම්භයේදී මූලිකත්වය ගත්තේ තමා සහ කුමාර වෙල්ගම මන්ත්රීවරයා බවද ටී.බී. ඒකනායක මහතා ප්රකාශ කළේය.