මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හෝ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති දෙස බලා නොව සංඝ ශාසනය දෙස බලා ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචිකිරීමේ පනත පිළිබඳව කතා කරන ලෙසපූජ්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචිකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසූහ. බෞද්ධාගමට සම්බන්ධ අදාළ පනත් සියල්ලම ක්‍රමානුකූලව ගෙන ආ යුතු බවටද උන්වහන්සේ මෙහිදී රජයට යෝජනා කළහ.