මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්රභලතම ඇමතිවරයෙකු මෙන්ම පිරිසුදු දේශපාලඥයෙකු වූ මෛත්රීපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂක ලෙස ගෙන ආ මෙහෙයුම වාර්තා වන තොරතුරු අනුව ඇතැම්විට චිත්රපටයක ස්වරූපය පෙන්වනවා.
මේ වන විට ඒ මෙහෙයුම පසුපස තිබූ කරුණු ක්රමයෙන් එළියට එනවා.එක්සත් ජාතික පක්ෂ 69 වැනි සංවත්සරයේදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද (06දා) එහි වැදගත් කරුණු කිහිපයක් රසවත්ව පැවැසුවා.
හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෛත්රී ජනපතිවරයා පොදු අපෙක්ෂක ලෙස ගෙනඒම පසුපස සිටි ප්රධාන පුද්ගලයෙකි.
ඇය ඊයේ ඉන්දියාවේදී මෙම මෙහෙයුමේ තවත් වැදගත් කරුණක් අණාවරණය කළා. ඒ එකිනොකා හා කතා කිරීමට වයිබර් සන්නිවේදන යෙදුම භාවිත කළ බව පවසමිනි.
මෙම මෙහෙයුමේදී එකිනෙකා හා කතා කිරීමට අධි තාක්ෂණික සැටලයිට් දුරකතන භාවිත කළ බවත් එය ඉන්දියාවෙන් ලැබුණ බවත් වාර්තා වූ තොරතුරු ප්රතික්ෂේප කරමින් ඇය මේ බව සඳහන් කරනවා.
"අපි භාවිත කළේ වයිබර්. වයිබර් ටැප් කරන ආකාරය රජය දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඒක ටැප් කිරීමත් බුදිධි අංශවලට කරන්න අමාරුයි. නමුත් ඇතැම් අවස්ථාවලදී කවරුන් විසින් කාටද කතා කරන්නේ කියලා මෙහිදී අදුණගන්න පුළුවන්. ඒත් ඒ තාක්ෂණය ලංකාවේ තිබුණේ නෑ." යැයි ඇය පවසනවා.