මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ළඟදීම ගොඩනගා සියළු ජාතින් සමග එක්ව රට ඉදිරියට ගෙන ගොස් පරමාදර්ශී රටක් ගොඩ නගමු යැයි වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මඩිගේ මිදියාල ප්‍රාථමික විදුහලේ පසුගියදා (25දා) පැවැති උත්සවක් අමතමිනි.
"මම පත්වී වසර එකහමාරක් තුල අලුතින් පාසල් 31 ක් ආරම්භ කළා. ඉදිරියේදී ඒ පාසලුත් විවෘත කරනවා. ඒ පාසල් සියල්ලේම භෞතික සම්පත් මෙන්ම ගුරු අඩුපාඩුද විසදනවා. නමුත් මට මේ අලුත් යහපාලන ආණ්ඩුවෙන් එන අභියෝග බාධක මැඩගෙන ඉදිරියට යන්න වෙලා තියෙන්නේ. කැබිනට් එකෙන් රටට කිසිම වැඩක් කෙරෙන්නේ නෑ. ඒ වගේම අපේ වයඹ පළාතේ වැඩ කරගන්නත් බැහැ.
දයාසිරිගෙන් පලිගන්න මේ පළාතේ ඇමති කෙනෙක් ගුරුවරුන් 3000 ක් බදවා ගන්න තියෙන අවස්ථාව නවත්වලා තියෙන්නේ. එයාට තේරෙන්නේ නෑ මගෙන් පලිගන්න ගිහින් අපේ පලාතේ අහිංසක ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට තමයි ලොකු බලපෑමක් වෙන්නේ කියලා." යැයි ඔහු පැවැසීය.