ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මාර්තු මාසයේ තුන්වැනි සතියේදී සිදුවීමට නියමිතව තිබේ.
සිය ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම හේතුවෙන් මෙම සංචාරයේ දින තීන්දු වී තිබේ.
මේ අතර,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ හා පාකිස්ථානයේ විශේෂ සංචාර දෙකක් ආරම්භ කිරීමට සූදානමින් සිටියි.
මාර්තු මාසයේ දී සිදුවීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව එළඹෙන සති දෙක තුළ දී ජනාධිපතිවරයා මෙම සංචාර සිදු කිරීමට නියමිතව තිබේ. පළමුව චීනයේ සංචාරය කරනු ලබන අතර ඉන් පසුව පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.