ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවිප්‍රාප්ති සැමරුම නිමිත්තෙන් ඒ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 10 ක බරපතළ සිරදඬුවම් නියමව සිටින කොටි සාමාජිකයෙකුට සමාව ලබාදීමට තීරණය කොට ඇත.තමා ඝාතනය කිරීමට තැත්කළ කොටි සාමාජිකයෙකු වූ සිවරාජා ජෙනීවන් හෙවත් සෙනන් නැමැත්තාට තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් අභය දානය ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා මෙලෙස තීරණය කොට ඇතැයි වාර්තා වේ.
2015/12/01 වැනිදාත් 2006/04/23 වැනිදාත් අතර කාලසීමාව තුළදී ඩබ්ලිව්.එම්. ප්‍රේමසිරි සහ මුරලි නමැත්තන් සමග එක්ව පොළොන්නරුවේදී එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මෙම කොටි සාමාජිකයාට පොළොන්නරුව හිටපු මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා විසින් දස වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000 ක දඩයක් නියම කෙරිණි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා විසින් මෙම නඩුව මෙහෙයවනු ලැබූ අතර, නඩුවෙන් විත්තිකරු වරදකරු කොට ඔහුට පැනවූ දඬුවමට එරෙහිව නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට තිබිණි. සිල්වා මහතා ඊයේ (05දා) අභියාචනාධිකරණයේ ගොනුකොට තිබූ අභියාචනය ඉවත් කරගත් අතර, තම සේවාදායකයාට ජනාධිපති සමාව ලබාදීමට සූදානමක් ඇති බව ඔහු දැනුම් දුන්නේය.