ඉදිකිරීම් වැඩ බිමක සිටියදී පරාලයක් හිසේ වැදීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් ඊයේ (04දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතාට තව දින දෙකකින් පමණ නැවත සැත්කමක් කිරීමට නියමිත බව රෝහල් ආරංචි කියයි.
ඔහුගේ ආරක්ෂාව පොලීසියෙන් යොදවා තිබෙන බවත් වාර්තා වෙයි. මේජර් ජනරාල්වරයාගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි කියයි.
ඊයේ දිනයේදී ඔහුට පැය තුනක පමණ සැත්කමක් කරනු ලැබීය.
මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාද වෙන මානවඩු මහතා 2010 වසරේ පැවැති ජනපතිවරණයෙන් එවකට හිටපු හමුදාපති මෙන්ම වත්මන් ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්වූ විට ඔහුගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේය.