කොටි ත්රස්තවාදය ශ්රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා පැවැති මානුෂීය මෙහෙයුමේදී 55 වැනි සේනාංකයේ සේනාධිපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් ප්රසන්න සිල්වා අද (21දා) යුද හමුදා දිවියෙන් විශ්රාම ගත්තේය.
1982 වසරේදී යුද හමුදාවට එක්වූ ඒ මහතා වසර 33ක් කාලයක් තුලදී මව්බිම වෙනුවෙන් සිය දිවිය කැපකළ රණවිරුවෙකි. පුදුමාතල් කොටි කඳවුර අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කළේය.
වීර වික්රම විභූෂණ පදක්කමෙන් තෙවරක් පිදුම් ලැබීමටත් ප්රසන්න සිල්වා සමත්ව තිබේ.